දකුණේ අපරාධකරුවන්ට අනතුරු ඇඟවීමක්.

Ajith Rohana Crime Branch Criminal Investigation Department Crime
By Wayomi Sep 11, 2022 07:11 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය කාලයේ දකුණු පළාත් තුළ අපරාධ සිදුකළ සිදුකල සැකකරුවන් සහ ඔවුන්ට අනුබල දුන් සියලු දෙනාම මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (10) පෙරවරුවේ 156 වන පොලිස් දිනයට සමගාමීව ගාලු කොටුව ඉදිරිපිට දී පැවැත්වුණු උත්සවයකදී.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වුයේ මෙලෙසින්,

"දකුණු පළාතේ පසුගිය ජූනි මාසයේ 1 වනදා ඉඳලා මේ දක්වා කාලය තුළ තුවක්කුකරුවන් විසින් වෙඩිතැබීමෙන් 13දෙනෙකු මරණයට පත්වුණා. මේ සිද්ධිවලින් අපි මේ වනවිටත් සිද්ධි 4කට අදාළව සම්පූර්ණ විමර්ශන කටයුතු සිදුකරලා ඒ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ටී 56 ආයුධ, බ්‍රවුනින් පිස්තෝලයක්, මේ සියල්ල සොයාගෙන තියෙනවා. ඉතිරි සියල්ලෙත් අපි සැකකරුවන් හඳුනාගෙන තියෙනවා. ඒ සැකකරුවෝ, ඒ මිනීමරුවෝ ඒ වගේම ඒ තුවක්කුව අතට ගත් අපරාධකරුවෝ හිතනවා නම් ඒවා කරලා තමුන්ට ගැලවිලා ඉන්න, අපි එකක් මතක් කරන්න කැමතියි. අපි කිසිදාක ඒකට ඉඩදෙන්නේ නෑ. මේ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනා ඒ වගේම කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරු 4දෙනා යටතේ යොදවලා තියෙනවා. ක්‍රියාත්මක වෙනවා. අපිට භාරදීපු ඒ අභියෝග අපි භාරගන්න ලෑස්තියි. අපි බලමු තව සති 6ක් යනකොට කවුද දිනන්නේ, අපරාධකරුවෝද අපිද කියලා. කිසිම අවස්ථාවක අපි ඉඩදෙන්නේ නෑ ආයුධ අරන් සැරිසරන්න. ඒ ආකාරයට ඝාතනය කරන්න. සියලුදෙනා හඳුනාගෙන තියෙනවා. අනුබල දුන්න අය, වක්‍රව උදව් කරපු අය, SMS ගහපු අය ඒ අයට දැනට නවාතැන් දුන්න අය සියලුදෙනා හඳුනාගෙන තියෙනවා."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW