කොවිඩ් වලට වඩා 20 ගුණයක් මාරාන්තික‍යි - ඇහෙද්දිත් ඇඟ හිරි වැටෙන මාරාන්තික වෛරසයක්..

Report

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

කොවිඩ් වලට වඩා 20 ගුණයක් මාරාන්තික‍යි - ඇහෙද්දිත් ඇඟ හිරි වැටෙන මාරාන්තික වෛරසයක්.. | A Virus More Deadly Than Covid Virus

ඒ අනාගතයේ දී ලෝක ප්‍රජාවට කොවිඩ් වෛරසයට වඩා විසි ගුණයක් මාරාන්තික විය හැකි වෛරසයකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි යන්නයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියෙසස් "Disease X" ලෙස එම වසංගතය හඳුන්වා දී ඇත.

එයට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු බව ඔහු පැවසීය.

මේ බව ඔහු පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට එක්වෙමින් සඳහන් කර තිබෙනවා.

එම වසංගතය "Disease X"ලෙස හඳුන්වා ඇත්තේ මෙතෙක් එය හඳුනා ගත් වසංගතයක් නොවීම හේතුවෙන් ය.

කොවිඩ් වලට වඩා 20 ගුණයක් මාරාන්තික‍යි - ඇහෙද්දිත් ඇඟ හිරි වැටෙන මාරාන්තික වෛරසයක්.. | A Virus More Deadly Than Covid Virus

බොහෝ විට එම වසංගතය කොවිඩ් වසංගතයට සමාන හෝ ඊට වඩා මාරාන්තික වසංගතයක් වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

එමෙන්ම එය වයිරසයක්, බැක්ටීරියා විශේෂයක් හෝ දිලීර විශේෂයක් ද විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරයි.

කෙසේ වෙතත්, ඉදිරියේ දී මුහුණ පෑමට සිදු වන එම වසංගතය කොවිඩ් 19, එබෝලා, ලස්සා උණ, නීපා, සීකා වැනි දහස් සංඛ්‍යාත මරණ සංඛ්‍යාවකට හේතු වූ වසංගත ලැයිස්තුවට ද ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

Sponsored By Sarrita Jewellery

කොවිඩ් වලට වඩා 20 ගුණයක් මාරාන්තික‍යි - ඇහෙද්දිත් ඇඟ හිරි වැටෙන මාරාන්තික වෛරසයක්.. | A Virus More Deadly Than Covid Virus