ලොව ප්‍රබල බලවතෙකුට එරෙහිව ගමක් නැගී සිටියි.

India Businessman Gautam Adani
By Wayomi Jan 24, 2024 09:51 AM GMT
Wayomi

Wayomi

Report

ලොව ධනවතුන් අතර ඉදිරියෙන්ම ඉන්න ගෞතම් අදානිට එරෙහිව දකුණු ඉන්දීය, තමිල්නාඩු ප්‍රාන්තයේ කට්ටුපල්ලි නම් ගම්මානයේ ගම්වාසීන් විරෝධතා පවත්වන් බවයි වාර්තා වන්නේ,

ඒ, කට්ටුපල්ලි නම් ගම්මානයේ වෙරළ තීරය ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති වරාය ව්‍යාපෘතියකට එරෙහිවයි.

බෙංගාල බොක්ක වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති එම ගම්මානයේ බොහෝදෙනා ධීවරයින් ලෙස සිය ජීවිකාව ගෙන යන අතර ඔවුන් පවසන්නේ වරාය තවත් ව්‍යාප්ත කළහොත් සිය ගම්මාන විනාශ වී සිය ජීවන මාර්ග ද අවහිර විය හැකි බවයි.

ලොව ප්‍රබල බලවතෙකුට එරෙහිව ගමක් නැගී සිටියි. | A Village Stands Against A World Power

කෙසේ වෙතත් අදානි සමාගම ජනතාවගේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

අක්කර 330ක් පමණ ප්‍රදේශයක් පුරා පැතිර යන මෙම බහුකාර්ය වරාය ඉදිකරන ලද්දේ Larson & Toubro නම් සමාගම විසින් වන අතර එය 2018 දී අදානි පෝට්ස් සමාගම විසින් මිලදී ගන්නවා.

මේ වනවිට එම ව්‍යාපෘතිය තවත් 18 ගුණයකින් වැඩි කිරීමට අදානි පෝට්ස් සමාගම යෝජනා කර ඇති අතර ඔවුන් වෙරළ තීරයේ අක්කර 6,110ක් ලබාගැනීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ලොව ප්‍රබල බලවතෙකුට එරෙහිව ගමක් නැගී සිටියි. | A Village Stands Against A World Power

ඔවුන් පෙන්වා දෙන්නේ, එම ව්‍යාපෘතිය නිමකළ පසු වාර්ෂිකව හැසිරවිය හැකි බහාලුම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 24.6 සිට 320ක් දක්වා ඉහළ යන බවයි.

එමෙන්ම ප්‍රදේශය පුරා නව දුම්රිය මාර්ග පද්ධති සහ මහමාර්ග පද්ධති නිර්මාණය කෙරෙන බවත් එමගින් වෙළෙඳ සම්බන්ධතා වර්ධනය වෙතැයි අදානි පෝට්ස් සමාගම පවසනවා.

කෙසේ නමුත් ධීවර ප්‍රජාව පවසන්නේ මෙම ව්‍යාපෘතිය මගින් මත්ස්‍ය සම්පත විනාශ විය හැකි බවයි.

                                                                                               Sponsored By Sarrita Jewellery

ලොව ප්‍රබල බලවතෙකුට එරෙහිව ගමක් නැගී සිටියි. | A Village Stands Against A World Power

ReeCha