විශ්වවිද්‍යාල සිසුවෙක් අලගල්ල කන්දෙන් පහළට ඇදවැටෙයි. - (VIDEO)

Report

විශ්වවිද්‍යාල සිසුවෙකු අලගල්ල කන්දෙන් පහළට ඇදවැටී ඇති අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස ඇදවැටී ඇත්තේ, වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි කල්මුනේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සිසුවෙක්.

අද උදෑසන එම සිසුවා තවත් සිසුන් කණ්ඩායමක් සමඟ අලගල්ල කන්ද තරණය කිරීමට යාමේදී මෙම අනතුරට ලක්ව ඇති අතර පහළට ඇදවැටුණු තරුණයා මුදාගැනීම සඳහා බෙරගල හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායම දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් තුවාළ ලැබූ සරසවි සිසුවාගේ තත්ත්වය බරපතළ බවයි ආරංචි මාර්ග නම් සඳහන් කරන්නේ.