විශ්ව විද්‍යාල සිසුවෙක් රාත්‍රී 12න් පසුව සිදු වූ දෙයකින් මියයයි..

By Aruna Apr 05, 2024 05:36 AM GMT
Report

මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු තාවකාලිකව නවාතැන් ගෙන සිටි කාමරේදී හදිසියේ රෝගාතුරව අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.

පිළියන්දල පොලිසිය සඳහන් කළේ, එලෙස රෝගී වීමෙන් පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම සිසුවා මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ, මොරටුව මෝල්පේ ජයමාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි හාලි ඇල ලඋණුගොල්ලවත්ත, අඟුරුමලේ කොටසේ පදිංචිව සිටි සතාසිවම් විනෝද් නැමැත්ති තරුණයෙක්.

ඔහු වාස්තු විද්‍යා පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙක් බව ද සඳහන් වනවා.

මියගිය සිසුවා තවත් සිසුන් හය දෙනෙකු සමඟ නවාතැන් කාමරයේ නවාතැන් ගෙන සිට තිබෙන බවයි වාර්තා වන්නේ.

මධ්‍යම රාත්‍රී 12.30ට පමණ තවත් මිතුරන් දෙදෙනකු සමඟ බෝඩිම ආසන්නයේ ආපනශාලාවකට ගොස් ඔහු කිරි තේ පානය කර විනාඩි පහළොවකින් පමණ නැවත පැමිණ ඇති බවද සඳහන් වේ.