මොකක්ද මේ ලංකාවේ හැමෝටම දෙන්න යන අංකය.. එතකොට ඒකෙන් වෙන්නෙ මොකක්ද දන්නව ද?.

Report

ලංකාවේ සෑම පුරවැසියෙකුටම අනන්‍ය ඩිජිටල් හැඳුනුම් අංකයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇති බවත් එම සැලසුම මාස 6ක් තුළ ස්ථාපිත කිරීම තමන් සතුව ඇති බවත් සර්වජන බලය නායක, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර කියා සිටියේ ය.

ඔහු මේ බව කියා සිටියේ අද (04) පස්වරුවේ රත්නපුරයේ දී පැවැත්වූ ජන රැලියට එක්වෙමින් ය.

රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..

රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"අපි යෝජනා කළා හැම පුද්ගලයෙකුටම මේ රටේ අනන්‍ය හැඳුනුම් අංකයන් නිකුත් කරලා මේ රටේ ඉන්න සියලුම මිනිස්සු මෙන්න මේ ඩිජිටල් වේදිකාවට, සුහුරු වේදිකාවට ගේන්න. ඒ තුළින් මේ රටේ ආදායම් විෂමතාවයට හා බදු එක් රැස් කරගැනීමේ ඇති ඒ අක්‍රමිකතාවයන්, අඩුපාඩු නිවැරදි කරගෙන මේ ආදායම් විෂමතාවය නිසාම හටගත් දරිද්‍රතාවය හා මේ රටේ දුක් විඳින මිනිස්සුන්ගේ ගැටලු ගැන හොයලා බලන්නට වැඩපිළිවෙළක්. හැබැයි මේක ඉදිරිපත් කරලා ගොඩක් කල්.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


මේක ගොඩක් කල් අපි ගෙනාපු අදහසක්. මම පෞද්ගලිකවම විශාල කැපවීමකින් මේ ගැන වැඩ කළා. දැන් මා මිත්‍ර අනුර කුමාර පත් කරලා තියෙනවා අපි ඉතාම සමීප මිත්‍රයෙක් වන හාන්ස් විජේසූර්ය ඒ ඩයලොග් එකේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා.

අපිට හරි ආඩම්බරයි අපි යෝජනා කරපු මේ වැඩේ ගැන හිතනවා කියලා අඩුම ගානේ මිනිස්සුන්ට හැඟීමක් දීම. අපි කුහකත්වයෙන් තොරව මේ එඩිතර විපක්ෂය දිගින් දිගටම උදව් කරනවා ඒ ඩිජිටල්කරණය සඳහා. කිසිම කුහක බවක් නෑ. ඔහු අරගෙන තියෙන කාලවකවානුව වැඩියි. ඔහු ඉල්ලනවා අවුරුදු එකහමාරක් අපි යෝජනා කලේ මාස 6ක්. අපේ එඩිතර විපක්ෂ උදව් කරන්නට කැමතියි ආණ්ඩුවට මේක හය මාසෙන් ඉවර කරන්න."