ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක්..

By krishani Apr 28, 2023 11:14 PM GMT
Report

සූඩානයේ අගනුවරවන කාර්ටූම් නගරයෙන් පිටත ගුවන් කඳවුරකට ගොඩ බැස්සීමට සූදානම් වූ තුර්කි ගුවන් යානයකට වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එහිදී කිසිවකුට තුවාල සිදුවී නොමැති අතර එය ආරක්ෂිතව ගොඩ බස්සවා ඇති බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේ ය.

ගුවන් යානයට වෙඩි තබා එහි ඉන්ධන පද්ධතියට හානි කිරීම සම්බන්ධයෙන් සුඩාන හමුදාව ප්‍රතිවාදී RSF සටන්කරුවන්ට දොස් පවරා ඇත.

ප්‍රතිවාදී RSF කණ්ඩායම එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන් දීර්ඝ මානුෂීය සටන් විරාමයකට කැප වී සිටින බවයි.

කෙසේවෙතත්, Port Sudan නගරයෙන් තුර්කි පුරවැසියෙකු බේරා ගැනීමට අඛණ්ඩව උත්සාහ කරන බව තුර්කියේ ආරක්ෂක අමාත්‍යවරයා පවසා ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join