එළඹෙන 08 වෙනිදා කරන්න යන මේ දේ ගැන දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එළඹෙන 08 වෙනිදා කරන්න යන මේ දේ ගැන දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න. | A Treasury Bill Auction 08Th May 2024

ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 8 වනදා සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 155,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.