හෙට කරන්න යන දෙය ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ හෙට (03) දිනයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බවයි.
එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 35,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.