සරසවි සිසුවාගේ මරණයට හේතු හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි

Report

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පවසන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙවන වසරේ ශිෂ්‍යයෙකු හදිසියේ මියයෑම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවයි.

ඔහු සඳහන් කළේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඒ.ඒ.වයි. අමරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් එම කමිටුව පත් කර ඇති බවය.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය කපිල රත්නායක සහ නීතීඥ වයි.එස් චන්ද්‍රසේකර මහත්මිය පත් කර තිබෙනවා.

අදාළ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඊට අදාළ නිරීක්ෂණ සහ නිගමන කඩිනමින් ලබාදෙන ලෙස එම කමිටුවට දැනුම්දුන් බව උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පැවසුවා.

සරසවි සිසුවාගේ මරණයට හේතු හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි. 

අහංගම දුම්රිය හරස් මාර්ගයේ අනතුරක්....එක් අයෙක් මරුට

අහංගම දුම්රිය හරස් මාර්ගයේ අනතුරක්....එක් අයෙක් මරුට