ඊශ්‍රායලයට ත්‍රස්ත ප්‍රහාරයක්.

By Hashini Oct 07, 2023 11:06 AM GMT
Report

 ඊශ්‍රායලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහි නගර කිහිපයකට කඩා වැදුණු පලස්තීන ඉස්ලාමීය හමාස් සංවිධානයේ තුවක්කුකරුවන් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායලය ආරක්‍ෂක අමාත්‍යවරයා පැවසුවේ ඉරානයේ පිටුබලය ලබන හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමෙන් බරපතල වැරද්දක් කර ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් 500කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම ප්‍රහාරයෙන් ඊශ්‍රායල ජාතිකයන් 22ක් පමණ මියගොස් ඇති බවයි.