ගිහියන් එක්ක අමනාප වූ හිමිනම වෙසක් දවසෙම පන්සල ලොක් කරලා දාලා යන්න ගිහින්..

Report

ඊයේ (23) වෙසක් පොහෝ දිනයේ දී ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක විසින් එකී විහාරස්ථානය වසා දමා විහාරස්ථානයෙන් පිටව ගොස් ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ගිහියන් එක්ක අමනාප වූ හිමිනම වෙසක් දවසෙම පන්සල ලොක් කරලා දාලා යන්න ගිහින්.. | A Temple Isclosed On Vesak Day At Urugasmanhandiya

එහිදී එම විහාරස්ථානයට දාන, ශීල, භාවනා කටයුතු සඳහා පැමිණි දායක දායිකාවන් මහත් අසීරුතාවයට පත්ව තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)

රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)


අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් නිළධාරීන් එම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකිව ඇත්තේ විහාරගෙය ඇතුළු ස්ථාන වසා දමා විදුලිය හා ජලය ද විසන්ධි කර දමා ඇති බව ය.

අනතුරුව එම විහාරස්ථානයේ පොහෝ දින කටයුතු සඳහා යාබද නිවෙසකින් විදුලිය හා ජලය ලබාගෙන ඇති බව සඳහන් වේ.

හෙට හරියටම 11.30ට වෙන දෙය දැනගෙන හිටිය ද?. ඇස් වතු වෙන, රතු නිවේදනයක් මෙන්න..

හෙට හරියටම 11.30ට වෙන දෙය දැනගෙන හිටිය ද?. ඇස් වතු වෙන, රතු නිවේදනයක් මෙන්න..


එමෙන්ම, වෙනත් විහාරස්ථානයකින් හිමිනමක් වඩම්මවාගෙන එම කටයුතු සිදුකර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ වනතෙක් විහාරාධිපති හිමිනම එම විහාරස්ථානය වෙත වැඩම කර නොමැති බව වාර්තා වේ.