පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක්.....

Report

උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අද (23) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක්..... | A Tamil Language Teaching Program

අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යන අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

පසුගිය තිස් අවුරුදු යුද්ධය කාලයේ උතුරේ කිසිදු දෙමළ තරුණයෙකුට හෝ තරුණියකට පොලීසියට බැදෙන්න දුන්නේ නැහැ. එම නිසා එම පළාත් නියෝජනය වන පරිදි පිරිස බඳවා ගන්න බැරි වුණා. නමුත් අපි 2016 දී, නව ක්‍රමවේදයක් ආරම්භ කළා. පොලිස් නිලධාරීන්ට දෙමළ භාෂාව උගන්වන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. නමුත් එම වැඩසටහන දිගටම ක්‍රියාත්මක වුණේ නැහැ. සැරින් සැරේ දුර්වල වුණා. නැවතත් එම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.” යනුවෙන් පැවසුවා. 

විමල්ගේ නඩුව ලබන වසරට කල් යයි.

විමල්ගේ නඩුව ලබන වසරට කල් යයි.