පැය හත හමාරක දෙබිඩි දරුවන් වෙන් කිරිමේ විශ්මිත සැත්කමක් ගැන පුවතක්..
By krishani
සවුදි අරාබියේ රියාද් නුවර රෝහලක දී පැය හත හමාරක දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමක් සාර්ථකව සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ එරට විශේෂිත වෛද්‍ය මණ්ඩලයක් විසින් ය.
මෙම සැත්කම සිදුකර ඇත්තේ, සවුදි රජය යටතේ ආධාර ලබන කේ.එස්. රිලීෆ් නමැති දෙබිඩි දරුවන් සම්බන්ධ සුබසාධන ව්‍යාපෘතියකට අනුවයි.
ඒ ළමා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අබ්දුල්ලා අල් රබියාගේ ප්‍රධානත්වයෙන් වන අතර අදියර 5ක් යටතේ සිදු වූ එම සැත්කමට විශේෂඥ වෛද්‍යවරු 26 දෙනක් සහභාගී වී ඇත.
කෙසේ වෙතත්, මේ වන විට එම සැත්කමට මුහුණ දුන් බාසම් සහ ඉහ්සාන් නමැති දෙබිඩි දරුවන් දෙදෙනා සුවෙන් පසු වෙයි.