රෑ බස් එක තමා මචන් මේ වැඩේට සුපිරිම..කියලා බස් එකේ ගහපු ගේම..

By Piyumika Jan 07, 2025 05:09 AM GMT
Report

යාපනයේ සිට හම්බන්තොට බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක මගීන් දෙදෙනෙකු විසින් රැගෙන යමින් තිබූ රුපියල් පහලොස් ලක්ෂයක පමණ වටිනා මත්පෙති තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊ‍යේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රබල භූකම්පනයක්..ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් වහාම පිටතට..

ප්‍රබල භූකම්පනයක්..ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් වහාම පිටතට..

මෙම මත්පෙති ඔවුන් විසින් යාපනයෙන් මිලට ගත් බව ප්‍රකාශ කොට ඇති අතර කාඩ්බෝඩ් පෙට්ටි හතරක ඉතා සුරක්ෂිතව අසුරා තිබෙනවා.

රාත්‍රී කාලයට ගමන් කරණ බස් රථ දැඩි පරීක්ෂාවට ලක් නොකරණු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔවුන් මෙම මත්පෙති අදාල බස් රථය මගින් ප්‍රවාහනයකර ඇති බවයි වාර්තා වෙන්නේ.

හදිසියේම කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානා කිහිපයක් හරවා යැවේ..

හදිසියේම කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානා කිහිපයක් හරවා යැවේ..

මෙම මත්පෙති පාසල් සිසුන් ඉලක්ක කරගෙන අලෙවි කරන මත්පෙති විශේෂයක් වන අතර සැකකරුවන් දෙදෙනා ළග මත්පෙති දස දහසකට වඩා වැඩි ප්‍රමාණයක් තිබී ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මත්පෙති තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු පිණිස වවුනියාව පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය ඔවුන්ව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

You may like this video