කතුන්ට වූ අපරාධ ගැන ලියූ පිටුවලින් පිටකොටුව බෝ ගහ අසලදී නිරාවරණය වූ රුව. - (PHOTOS)

International Women's Day Sri Lanka Crime
By Wayomi Mar 08, 2024 11:53 AM GMT
Wayomi

Wayomi

Report

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා කටයුතු කරන Women In Need (WIN) සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (08) පිටකොටුව බෝ ගහ අසලදී පවත්වනු ලැබුවා.

එහිදී "Masterpiece of Abuse" යනු හිංසනය පිළිබඳව සහ හිංසනයේ ගොදුරු බවට පත් වී ඉන් ගැලවුණු කාන්තාවන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම අරමුණු කරගෙන, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මූර්තියක් නිරාවරණය කළා.

කාන්තාවන්ට මුහුණ දීමට සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ අපයෝජනයන් පිළිබඳ කරුණු ඇතුළත් පුවත්පත් පිටු යොදාගෙන මෙම මූර්තිය නිර්මාණය කර ඇති අතර එහි අරමුණ වී ඇත්තේ, සුබපැතුම් හා බලගැන්වීමට වලට වඩා ප්‍රබල ලෙස ‘අත්හැරීමේ කලාව’ (forsaken art) මගින් වසර පුරා අපයෝජනයට හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ යථාර්ථය සමාජයට නිරූපණය කිරීමයි. 


GalleryGalleryGallery
ReeCha