ඊයේ (11) යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ තරුණයෙකු ලන්ඩනයේදී පිහි ඇනුමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එස්.වින්දන් නැමති වයස අවුරුදු 16 ක තරුණයෙක්.
ඒ, ඔහු ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිට නිවසට පැමිණෙමින් සිටියදීයි.
නිරිතදිග ලන්ඩනයේ ට්විකන්හැම් ප්‍රදේශයේදී දුම්රියක් තුළ මෙම පිහි ඇනුම සිදුව තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වූ දුම්රිය මගීන් පිරිසක් සිසුවාට පිහියෙන් අනින ලද පුද්ගලයින් හතර දෙනෙකු අල්ලාගෙන ආරක්ෂක නිලධාරීන් වෙත බාර දීමෙන් පසුව එම සිව්දෙනාව පොලිසිය බාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.