ටැන්සානියාවේ සිට ලංකාවට ආ පුද්ගලයෙකු මැලේරියාවෙන් මියයයි.

Malaria Sri Lanka
By Wayomi Apr 26, 2023 06:23 AM GMT
Wayomi

Wayomi

Report

ටැන්සානියාවේ සිට ශ්‍රී ලංකාවට ආ පුද්ගලයෙකු මැලේරියාවෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඔහු බේරුවල පදිංචිකරුවෙක් වන අතර මැණික් කර්මාන්තය සඳහා ගොස් නැවත ලංකාවට පැමිණි අයෙක් බවයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ පුබුදු චූලසිරි කියා සිටියේ.

මියගිය පුද්ගලයා උණ රෝග ලක්‍ෂණ ඇති වී ප්‍රතිකාර ලබාගෙන ඇතත් මැලේරියා පවතින රටක සිට මෙරටට පැමිණි බව ඔහු වෛද්‍යවරයාට පවසා නැති බවත් අනාවරණය වී තිබෙනවා.

මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ පුබුදු චූලසිරි වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට මැලේරියා රෝගියකු අවසන් වරට මියගොස් ඇත්තේ 2007 වසරේදී වන අතර 2012 වසරින් පසුව අභ්‍යන්තර මැලේරියා රෝගීන් වාර්තා නොවූ බවයි.

ඒ අනුව ඉන්දියාව, මැඩගස්කරය, ටැන්සානියාව ඇතුළු අප්‍රිකානු රටවල් මෙන්ම, මැලේරියාව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් උණ රෝග ලක්‍ෂණ ඇතිව ප්‍රතිකාර ගැනීමට පෙර වෛද්‍යවරයා තමන් පැමිණි රට පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW