නිළි රැජිනියගේ දේහය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශනයක්

Mrs Malani Fonseka Government Of Sri Lanka Sinhala news
By Mithu May 25, 2025 06:29 PM GMT
Mithu

Mithu

Report

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

බෝට්ටුවක් පෙරළී 427ක් මරුට

බෝට්ටුවක් පෙරළී 427ක් මරුට

ඒ අනුව, දැනට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහය හෙට (26) පෙ.ව. 8.00ට කොළඹ 07 නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතව ඇත. ඉන්පසුව, පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසාදීමට කටයුතු යොදා ඇත. එමෙන්ම, ප.ව. 3.30ට ඇය අධ්‍යාපනය ලද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතව තිබේ.

පසුව, බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සහ ඉන් අනතුරුව පැවිදි අනුශාසනාව සහ ඇයගේ සිනමා දිවිය පිළිබඳ කලාකරුවන් විසින් සිදුකරනු ලබන විශේෂ ඇගයීම සිදුකෙරේ. අවසානයේ ප.ව. 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාම සිදුවේ. ඉන් අනතුරුව පුෂ්පෝපහාර මධ්‍යයේ චිතකය දැල්වීමෙන් පසු මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිමකිරීමට නියමිතය.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

ReeCha