ණය ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්!
රටට ගැළපෙන ක්‍රමවේදයකට අනුව ණය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව පාර්ලිමේන්තුවේදී පැවති අයවැය විවාදයට එක් වෙමින් මුදල් නියෝජ්‍ය ඇමති හර්ෂණ සූරියපෙරුම මහතා පවසයි.
"අයවැය සකස් කර ඇත්තේ මෙම රට අනාගතයට ගෙන යෑමේ මාවත පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටයි. ඒ සඳහා ජනතාව එකතු කර ගනිමින් ආයතන ව්‍යුහයක් සකස් කිරීමටයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන ආකාරයට රට බංකොලොත් කිරීමට දායක වීමට නොවේ. ඔබතුමන්ලාගේ අදහස් ක්‍රියාත්මක කළ ආකාරය නිසා තමයි මේ රට මෙලෙස බංකොලොත් තත්ත්වයට පත්වුණේ."
"මෙම කාලය තුළ අයවැයේ අරමුණු ඉදිරිපත් කිරීම ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම රාජ්‍ය ණය කළමනාකරණය ගැනත් මම කතා කිරීමට කැමතියි. අපි බිලියන 4000ක මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉන් බිලියන 3500ක් දේශීය මූල්‍යකරණයෙන් ලබා ගන්නවා. ඉතිරිය බාහිර මූලාශ්‍රවලින් ලබා ගන්නවා. මෙය අපි සිදු කරන්නේ විනිවිදභාවයෙන් යුතුවයි."
"පසුගිය කාලයේදී වාණිජ පොළී අනුපාතිකවලට ණය ලබා ගෙන රට බංකොලොත් කළ වැඩපිළිවෙළට වඩා, රටට ගැළපෙන ක්‍රමවේදයකට අනුව ණය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා."
"ඒ සඳහා අපි වෙනම කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. ඉතා පැහැදිලිව කිව යුතුයි, ණය කළමනාකරණය සඳහා කාරක සභාවක් ද පත් කර තිබෙනවා. දේශීය ණය ලබා ගැනීමටත් අපි කටයුතු කරමින් සිටිනවා. බාහිර මූල්‍යකරණය මේ වන විට මහ බැංකුව හරහා පවත්වාගෙන යන අතර, ණය කළමනාකරණ කමිටුවත් ඒ සමඟ සම්බන්ධ වෙනවා."
