මේ මාසයේ සිට පිරිසකට විශේෂ මාසික දීමනාවක්..

Report

රැක බලාගැනීමේ ආයතනවල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා ජනවාරි මස සිට රුපියල් 2000 ක මාසික දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

එම මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට තීරණය කර ඇති බවයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ආයතන ගත පුද්ගලයින් 16,146 ක් වෙත එනම් පිරිවෙන්වල වැඩ සිටින හිමිවරුන්, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රැක බලාගැනීමේ නිවාසවල සිටින අබාධිත පුද්ගලයින් සඳහා එම මුදල් ලබාදෙන බවයි.

Sponsored By Sarrita Jewellery

මේ මාසයේ සිට පිරිසකට විශේෂ මාසික දීමනාවක්.. | A Special Monthly Offer A Group From This Month