ආසියානු යොවුන් මළල ක්‍රීඩා උළෙලෙන් රිදී පදක්කමක්
By Hashini
6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙන්නේ සෞදි අරාබියේ සත්කාරකත්වයෙන්.
ශ්‍රී ලංකාවේ ජනිත් ලක්ෂාන් මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ තුන්පිම්ම බාලක ඉසව්වට සහභාගී වුණා.
එහිදී ඔහු එම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තා.
ඔහු එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාවය මීටර 15යි දශම 1යි 0කි.
එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ චීනයේ දොං සියුඈන්.
ඔහු පෙන්නුම් කල දක්ෂතාවය මීටර 15යි දශම 5යි 3කි.
චීනයේම මා බෝයු ලෝකඩ පදක්කම දිනා ගත්තේ , මීටර 14යි දශම 9යි 7ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ය.