පුංචි වදනක් ඔබේ දිවියට
දලයි ලාමා අපට මතක් කර දෙන්නේ "උදෑසන එක් කුඩා ධනාත්මක සිතුවිල්ලක් ඔබේ මුළු දවසම වෙනස් කළ හැකි" බවයි. එබැවින් ඔබේ මනෝභාවය ඉහළ නැංවීමට සහ ආශ්වාදයක් ඇති කිරීමට මෙම අභිප්‍රේරණ මෙසේ ගෙන එන්නට සිතුවා.ඔබේ ධනාත්මක මානසිකත්වය ගොඩනැගීම සඳහා අතීතයේ සහ වර්තමානයේ කැපී පෙනෙන පුද්ගලයින්ගෙන් දිරිගන්වන වදන් මෙලෙස දක්වන්නම්.
ලොව අංක එකේ ධනපතියෙකු වන මයික්‍රොසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස් විසින් කියන ලද ශ්‍රේෂ්ඨ කියමන් කිහිපයක් ගෙන එන්නම්.ඒවා ඔබේ ජීවිතයට කොයිතරම් වටිනා උපදෙස්ද යන්න බලන්න ඔබව වෙනස් කරාවී, ඔබ සිතන විදිහ වෙනස් කරාවී , ඔබව ඔබවත් නොහිතන සාර්ථකත්වයකට රැගෙන යාවි.
1. අන් අය සමග ඔබව සංසන්දනය කරන්න එපා.. ඔබ එසේ කරනවානම් එය ඔබටම කරන අගෞරවයක්
2. ජයග්‍රහණයන් සමරන්න, නමුත් වඩාත් වැදගත් වන්නේ වැරදුනු තැන් වලින් පාඩම් ඉගෙනීමයි.
3. ඔබ දුප්පත්ව ඉපදුනා නම් එය ඔබේ වරදක් නොවේ - නමුත් ඔබ මිය යන්නේ දුප්පත්වනම් එය ඔබේ වරදකි.
4. ජීවිතය හැමදාම පහසු වන්නේ නැත - අපට එයට හුරු වීමට සිදුවේ.
5. සාර්ථකත්වය කියන්නේ එපාකරපු ගුරුවරයෙක්, ඒක සාර්ථක මිනිසුන්ට පැරදිය නොහැකි බවට ඒත්තු ගන්වනවා .
6 .මම මගේ විභාගයේ සමහර විෂයන් අසමත් වුනා..නමුත් මගේ මිතුරා ඒ සියල්ල සමත් වුනා, අද ඔහු මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉංජිනේරුවෙක්, මම තමයි ඒ සමාගමේ හිමිකරුවා.
මේ වදන් පුංචි වෙන්න පුළුවන් නමුත් මේ පුංචි වදන් වලින් ලොකු දෙයක් අපේ ජීවිතේට ගන්න පුළුවන්. ඔබත් සිතන්න, කැපවෙන්න, එක වදනක් හෝ ජීවිතේට ගන්න .ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගත හැකි වේවි.