උදෑසනම ප්‍රදේශයක් බියෙන් අවුළුවාලමින් බිහිසුණු වෙඩිතැබීමක්..
By Piyumika
අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබු පුද්ගලයා "ලොකු පැටී" නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු වන බව ද සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ
You may like this video