පාසල් ගුරුවරුන්ට ලිංගික අධ්‍යාපන පුහුණුවක්.

By Wayomi May 01, 2023 08:47 AM GMT
Report

සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව ගුරවරුන් පුහුණු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මේ වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් ආරම්භ කිරීමට නියමිත අතර විෂය මාලා සංශෝධනයක් ද සිදු කෙරෙනු ඇති.

අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ පෙර පාසලේ සිටම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය කර තිබෙන නිර්දේශයත් සමඟයි.

ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව විෂය නිර්දේශ ඇතුළත් පොත් සකස් කළ හැකි වුවද, අදාල කරුණු සිසුන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් අවශ්‍ය බවයි අමාත්‍යංශය අවධාරණය කරන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW