"යක්කු ගස් නගින වෙලාවට අලුත් අවුරුදු නැකත් හැදිල්ල බරපතලයි." - ජ්යෝතීර්වේදීන්ගෙන් දැඩි ප්‍රකාශයක්. - (VIDEO)
By Wayomi
මෙවර අලුත් අවුරුදු නැකැත් සකස් කිරීමේදී බරපතල වරදක් සිදුව ඇති බව ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානය චෝදනා කරනවා.
ඔවුන් මේ බව කියා සිටියේ,කොළඹ ඊයේ (05) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහි සාමාජික පාරම්පරික ශාස්ත්‍රඥ රෝෂාන් චානක තිසේරා කියා සිටියේ රාජ්‍ය නැකැත් කමිටුවෙන් මෙවර ලිප ගිනි මෙළවීම සඳහා දී ඇති නැකතෙහි ගැටලු සහගත තත්වයක් පවතින බවයි.
එමෙන්ම මේ තුළ කුමන්ත්‍රණයක් පවතින බවද ඔහු සඳහන් කළ අතර අවුරුදු නැකත් රාත්‍රි කාලයට යොදාගැනීම තුළින් එම නැකැත් පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබාදිය නොහැකි තත්වයක් උද්ගතවන බවයි ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානයේ සාමාජික පාරම්පරික ශාස්ත්‍රඥ රෝෂාන් චානක තිසේරා වැඩිදුරටත් සඳහන් කළේ.