දෙමළ ජනතාවට වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඕනමද?
By Wayomi
දෙමළ ජනතාවට ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු අවශ්‍ය නොවන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් පවසනවා.
ඒ, අනුව ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කරනු ඇති බවයි..
ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.