පෙර පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන් අලුත් තීරණයක්.
By krishani
පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ ය.
ඒ පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා ය.
එමෙන්ම පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැටුපක් ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ය.
ඒ අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ "ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ පෙර පාසලක් ආරම්භ කිරීමේ දී එය යම්කිසි නීති රාමුවකට යටත්ව සිදුකළ යුතු බවයි.
එමෙන්ම පෙර පාසල් ගුරුවරිය උපාධිධාරිනියක් විය යුතු අතර ඔවුන්ටම ආවේණික විශේෂිත වූ පුහුණුවක් අවශ්‍ය බවත් ඇය සඳහන් කළේ ය.