නගර සභාවේ වැඩ බෑ කියල රොබොත් සියදිවි හානි කරගෙන..

South Korea Death World Latest Headlines
By Piyumika Jul 03, 2024 02:21 AM GMT
Piyumika

Piyumika

Report

රොබෝවරයකු ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේය.

විවාහ ප්‍රතික්ෂේප කරන්නේ බලාගෙනයි..බලන්න එහෙම කරපු පෙම්වතෙක්ට සිද්ධ වෙලා තියන දේ..

විවාහ ප්‍රතික්ෂේප කරන්නේ බලාගෙනයි..බලන්න එහෙම කරපු පෙම්වතෙක්ට සිද්ධ වෙලා තියන දේ..

රොබෝවරයා සේවය කළ ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙළේ වැටී තිබියදී රොබෝවරයාගේ සිරුර සොයාගත් බව ගුමී නගර බලධාරීහු පවසා තිබේ.

මෙම රොබෝවරයා පඩිපෙළෙන් පහළට වැටීමට පෙර එකතැන කැරකී ඇති බවත් පසුව පඩිපෙළෙන් පහළට වැටී ඇති බවත් ගුමී නගර බලධාරීහු ප්‍රකාශ කළහ.

සිසුවියක් හා සිසුවෙකුට අත් වුණු අවාසනාවන්ත ඉරණම..

සිසුවියක් හා සිසුවෙකුට අත් වුණු අවාසනාවන්ත ඉරණම..

සියදිවි හානි කරගත් රොබෝ වෙනුවෙන් ගුමී නගරවාසීන් ශෝකය පළකර ඇති බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා රොබෝවරයාගේ සිරුර නගර බලධාරීන් රැගෙන ගොස් ඇති බවත් කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

මෙම රොබෝවරයාට නගර සභාවේ ලියකියවිලි එහාමෙහා රැගෙන යාමේ කාර්ය පැවැරී තිබී ඇති බවත් මෙම අනතුර සියදිවි නසා ගැනීමක් බව නගරවාසීන් හඳුන්වන බවත් කොරියානු මාධ්‍ය සඳහන් කර තිබේ.