අයි රත්තරන් ඔයා මෙච්චර ගණන්..

By Piyumika Nov 04, 2024 06:15 AM GMT
Report

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

අනේ දෙවියනේ පාලනයෙන් ගිලිහුණු අත් ට්‍රැක්ටරය නිසා සිසුවකුට අත් වුනු අවාසනාවන්ත ඉරණම ..

අනේ දෙවියනේ පාලනයෙන් ගිලිහුණු අත් ට්‍රැක්ටරය නිසා සිසුවකුට අත් වුනු අවාසනාවන්ත ඉරණම ..

ඒ අනුව, මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට හෙට්ටිවීදිය ප්‍රදේශයේ කැරට් 24 රත්‍රන් මිල ගණන් රුපියල් 200,000 ඉක්මවා ගොස් ඇති අතර, කැරට් 22 රත්‍රන් මිලද රුපියල් 200,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔක්තෝම්බර් 31 වැනිදාවන විට හෙට්ටිවීදියේ කැරට් 24 රත්‍රන් මිල රුපියල් 220,000ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය කර ඇති අතර, කැරට් 22 සඳහා මිල රුපියල් 200,000ක් ලෙස ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

127දෙනෙක් දිවි නසාගෙන..තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගන්න සුදනම්ලු..

127දෙනෙක් දිවි නසාගෙන..තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගන්න සුදනම්ලු..

එමෙන්ම ඇතැම් රටවල් ඔවුන්ගේ ආයෝජනයන් ලෙස රත්‍රන් පමණක් මිලදී ගන්නා අතර, යුද්ධය මධ්‍යයේ ද බොහෝ රටවල් එසේ රත්‍රන් මිලදී ගැනීම නිසා මෙසේ එකවර රත්‍රන් මිල ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර, පසුගිය සතියවන විට රන් අවුන්සයක මිල ඩොලර් 2,790ක් ලෙස වාර්තාගත අගයක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.