දළඳා පෙරහැර නරඹන්නන්ගෙන් ඉල්ලීමක්...

Report

හෙට (10) සිට ආරම්භ කෙරෙන මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් කසළ බැහැර කරන ස්ථාන වෙත පමණක් කසළ බැහැර කර ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් සිදුකරයි.

සාමාන්‍යයෙන් මහනුවර ඇසළ පෙරහැර සමයේ දිනකට ටොන් තුනක පමණ පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් වන අතර එබැවින් පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිතය හැකිතාක් අවම කරන මෙන්ද බැතිමතුන්ට ඔවුන් විසින් සිහිපත් කර සිටිනවා.

වසර ගණනාවක සිට මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය, මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර නගර සභාව සහ මහනුවර පොලීසිය යන ආයතන වල ප්‍රධානත්වයෙන් කසළ කළමනාකරණ වැඩසටහක් ක්‍රියාත්මක කරනු ලබයි.