පොලියට ණය දෙන අයට රතු එළියක්..නව රජය කරන්න යන විශේෂ දේ මෙන්න.

Central Bank of Sri Lanka Sri Lanka Businessman Sri Lanka Banks
By Aruna Jan 05, 2025 02:22 AM GMT
Aruna

Aruna

Report

ලියාපදිංචි වී නොමැති මූල්‍ය ආයතන මෙන්ම පොලිසියට මුදල් ගනුදෙනු කරන තැනැත්තන් සම්බන්ධයෙන් නියාමන ක්‍රියාවලියක් සැකසීමට නීති අංශ පියවර ගනිමින් සිටින බව වාර්තා වනවා.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන එන දිනයක්.. අතමිට මුදලින් සරුවෙයි..විශේෂයෙන් මේ ලග්න වල අයටයි.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන එන දිනයක්.. අතමිට මුදලින් සරුවෙයි..විශේෂයෙන් මේ ලග්න වල අයටයි.


මෙම පියවර ගැනීමට හේතු වී ඇත්තේ එවැනි මූල්‍ය ආයතනවලින් සහ පොලියට මුදල් ගනුදෙනු කිරීමෙන් අසාධාරණයට ලක්ව සිටින තැනැත්තන්ගෙන් ණය සහනදායී මණ්ඩලට ලැබී තිබෙන පැමිණිලි අනුවයි.

ණය සහනදායී මණ්ඩලය පිහිටුවා ඇත්තේ එවැනි අසාධාරණයන්ට ලක්ව සිටින්නන්ට සහන සැලසීම වෙනුවෙන්.

අසාධාරණයන්ට ලක්වන්නන්ගෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ අවධානය යොමුකර ඇති එම මණ්ඩලය තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යෝජනා කැඳවනු ලැබ ඇති බවයි පැවසෙන්නේ.

එම මණ්ඩලය මෙලෙස යෝජනා කැඳවා ඇත්තේ සිය පළාත් කාර්යාල මාර්ගයෙන්.

ඒ අනුව ලැබෙන යෝජනා නීති කොමිෂන් සභාවට යැවෙන අතර එම කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නියමිතව ඇති බව පැවසේ.

අද කාලගුණය වෙනස් වෙයි..ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම්දීමක්.

අද කාලගුණය වෙනස් වෙයි..ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම්දීමක්.


එලෙස අධ්‍යයනය කිරීමෙන් පසු ලියාපදිංචී නොමැති මූල්‍ය ආයතන මෙන්ම පොලියට මුදල් ගනුදෙනු කරන තැනැත්තන් සම්බන්ධයෙන් නියාමන ක්‍රියාවලියට අදාළ කටයුතු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

මූල්‍ය කටයුතුවල දී අසාධාරණයන්ට ලක්වූවන්ගේ පැමිණිලි 917ක් පසුගිය නොවැම්බර් මාසය වන විට ණය සහනදායී මණ්ඩලයේ සහන ක්‍රියාවලියට ඇතුළත්ව ඇත.

You May Like This Video


ReeCha