සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පැතිර යන ආරංචිය මෙන්න.. යළිත් විභාගය තියන්න වෙයි..?

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Sri Lankan Schools Education
By Aruna May 09, 2024 01:40 PM GMT
Aruna

Aruna

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අද (09) පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිට වී ඇති බවට දැනට ලැබී ඇති තොරතුරුවලින් තහවුරු නොවන බවත්, නමුත් කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක විභාගවලට පෙනී සිටින දරුවන් කිහිප දෙනෙකු හොරෙන් සගවාගෙන සිටි දුරකථනවලට වට්සඇප් මාර්ගයෙන් පිළිතුරු ගෙන්වා ගැනීමට උස්සාහ කර තිබෙන බවට තහවුරු වූ බවත් විභාග කොමාසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර සිටිනවා.

ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ වින විට මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර එම සිසුන්ට එරෙහිව උපරිම නීත්‍යානුකූල පියවර ගන්නා බවයි.

ලබන බදාදට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරියි..?

ලබන බදාදට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරියි..?


හසලක ප්‍රදේශයේ ද මේ ආකාරයේ ම සිද්ධියක් වාර්තා වී ඇති බවත්, ඒ පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, විභාග කොමාසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා.

විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙම සිදුවීම පිළිබඳව තමන් හෙට(10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි.