ලන්ච් ෂීට් වල බත් ඔතන් ආ පාසල් සිසුන් 07කට විදුහල්පතිවරයෙක් දුන්න හිතන්නවත් බැරි දඬුවම - සිසුන් දෙදෙනෙක් රෝහලේ.. අවසානයේ සිදුවුණ දෙය.
නාවලපිටිය රඹුක්පිටිය මහා විද්‍යාලයේ එකොළොස් වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් තම ආහාර රැගෙන ආ ලන්ච් ෂිට් සහ පත්තර පිටු එම පාසලේ විදුහල්පතිවරයා විසින් සිසුන්ට කවා ඇති බව දෙමාපියන් චෝදනා කරයි.
එම සිද්ධියට මුහුණ දුන් සිසුන් දෙදෙනකු නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇත්තේ උදරයේ අපහසුතා වමනය වැනි ලක්ෂණ හේතුවෙනි.
එයට මුහුණ දුන් සිසුන් ආහාර ලබා ගැනීමෙන් පසු අදාළ ලන්ච් ෂිට් සහ ආහාර ඔතාගෙන පැමිණි පත්තර පිටු යළි බෑග් තුළටම දමාගෙන දමා ගෙන ඇත.
එම ස්ථානයට පැමිණි විදුහල්පතිවරයා ලන්ච් ෂිට් සහ පත්තර පිටු බෑග් වලින් ඉවතට ගෙන සිසුන් 7 දෙනෙකුට ඒවා අනුභව කරන ලෙස පවසා ඇත.
මේ පිළිබදව නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් සඳහන් වේ.