චීන ජනපතිගෙන් පොරොන්දුවක්.

Report

 ජනපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනපති ෂී ජින් පින් අතර හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවට දේශපාලන කොන්දේසිවලින් තොරව සහායදෙන බව චීන ජනාධිපති ෂී ජින් පින් පවසා තිබෙනවා.

චීන ජනපතිවරයා පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමටත් අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් තම රට කැමැත්තෙන් සිටින බවයි.

එම හමුවේදී කලාපීය කටයුතු සම්බන්ධිකරණය ශක්තිමත් කිරීමටද එකඟ වී තිබෙනවා.

ජනාධිපතිවරුන් අතර මෙම හමුව චීනයේ බීජිං නුවරදී පැවැත්වුණා.