ගොවි ණය කපා හැරීමේ වැඩපිළිවෙලක්...
අද (03) ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අතරතුරදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොජනාවක් කර තිබෙනවා.
ඒ, ගොවීන්ගේ ආර්ථීක ශක්තිය වැඩිකිරීම හා ඔවුන් ණය බරින් මුදවා ගැනීම අරමුණු කර ගනිමින් ගොවීන් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හරින ලෙස ය.
මේ අනුව, රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම යෝජනාව ඉදිරියේදි කැබිනට් මණ්ඩලයට යොමු කිරිමට නියමිත බවයි.
එමෙන්ම, එතුමා වැඩි දුරටත් පවසා සිටියේ, කොවිඩ් වසංගතය හා 2022 වසරේ රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ගොවි ජනතාව මහත් අසීරු තත්ත්වයකට පත් වූ බවය.