බන්ධනාගාර රැඳවියෙකු නිලධාරීන්ගෙන් මිදී පලා යයි..
By Piyumika
මොණරාගල, වැදිකුඹුර වෙසක් කලාපය වෙත රැගෙන ගොස් සිටි බන්ධනාගාර රැදවියකු නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව මොනරාගල පොලිසිය වාර්තා කරයි.
මෙසේ පලා ගොස් ඇත්තේ වැල්ලවාය, නුගේඇළ, බතලආර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වේ.
ඔහු බදුල්ල, ඇඹිලිපිටිය, වැල්ලවාය, සියඹලාණ්ඩුව යන අධිකරණවලින් දඩුවම් ලබා මොනරාගල බන්ධනාගාරයේ රදවා සිටි රැදවියෙකු බව පොලිසිය පවසා ඇත.
අදාල සිරකරු මොනරාගල වැදිකුඹුර වෙසක් කලාපයේ වෙසක් සැරසිලි සහ නිර්මාණ සිදුකිරීම සදහා බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටිය දී නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසා සිටියේ ය.