ඕනෑම ජනාධිපතිවරයෙකුට මාසයක් ආණ්ඩු කළ නොහැකි බව බන්දුල කියයි...
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Bandula Gunawardane
Sri Lanka Politician
Sri Lanka
By Parami Dissanayake
අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ, වැරදි අත්හදා බැලීමක් සිදුකර දැනට කරගෙන යන වැඩපිළිවෙළෙන් පීලී පැන්නහොත් පත්වෙන ඕනෑම ජනාධිපතිවරයෙකුට මාසයක් ආණ්ඩු කිරීමට නොහැකි බවයි.
එමෙන් ම, එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, දුෂ්කරතාවයට පත්වූ රට යම් ස්ථාවර මට්ටමකට ගෙන ආ පසු, අත්හදා බැලීම් සිදුකර විනාශයට දායක නොවන ලෙස ය.
ඒ අනුව, ''මිනිස්සු භීෂණයෙන් තැතිගෙන, අහන අහන පුද්ගලයා බියට පත්වී පවසන්නේ, 'අපි නම් මේ පාර JVP මල්ලිලටවත් දීලා බලන්න ඕන' යනුවෙන්..'' යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.