අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්‍රණය කළ හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට..

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහා අධිකරණය නියම කර තිබේ.

සිරකරුවකුට විශේෂ දඩුවමක් ලබා දුන් බන්ධනාගාර නිලධාරීනිය..

සිරකරුවකුට විශේෂ දඩුවමක් ලබා දුන් බන්ධනාගාර නිලධාරීනිය..

එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මුහුද මැදදී අයෙක්ට දිවි අහිමි කල ඛේදවාචකය ..

මුහුද මැදදී අයෙක්ට දිවි අහිමි කල ඛේදවාචකය ..

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 29 වනදා පැවැත්වීමටද දින නියම කර ඇත.