ප්‍රබල පක්ෂයක දේශපාලකයකුගේ බිරියක් බඩුත් එක්කම මාට්ටු! (VIDEO)

Sri Lanka Police Sri Lanka Politician Law and Order Drugs
By Shehan 3 days ago
Shehan

Shehan

Report

ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුගේ බිරිඳක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රහසිගතව බඩු සපයමින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් පොලිසිය විසින් වටලා තිබේ.

මෙම ජාවාරම දඹුල්ල මහ නගර සභාවට මෙවර තරග කරන අපේක්ෂකයෙකුගේ මෙහෙයවීමෙන් ඔහුගේ බිරිඳ විසින් සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය බව අනාවරණය වී ඇත.

මාස දෙකක විදුලි බිල්පත එකවර එන අලුත් සෙල්ලම - ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධිලු!

මාස දෙකක විදුලි බිල්පත එකවර එන අලුත් සෙල්ලම - ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධිලු!

දඹුල්ල, 4 ඇල, අතුපාරයාය ප්‍රදේශයේ දෙමහල් නිවසක පිහිටි මෙම නීතිවිරෝධී මත්පැන් ස්කාගාරය 21 වැනිදා පොලිසිය විසින් වටලනු ලැබීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉලක්ක කරගනිමින් දිගු කාලයක සිට නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමක් සිදුවන අතර, එවැනි ජාවාරම්කරුවන්ට තොග වශයෙන් මත්පැන් සැපයීම මෙම ස්ථානයෙන් සිදු වූ බව හෙළි වී තිබේ.

මෙම නීතිවිරෝධී ස්කාගාරය පවත්වාගෙන ගිය බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා, මෙවර දඹුල්ල මහ නගර සභාවට ප්‍රසිද්ධ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු බව වාර්තා වේ.

බාල ක්‍රීම් සහ පියුමි හංසමාලි... අතේ උපාධි කොළයක්...ඒකත් ???

බාල ක්‍රීම් සහ පියුමි හංසමාලි... අතේ උපාධි කොළයක්...ඒකත් ???

ඔහු කලක් යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය අයෙකු බව ද පැවසේ. මහවැලි ඇල ආසන්නයේ සිට බට මාර්ගය ඔස්සේ ඉතා සූක්ෂම ලෙස දිගු කාලයක් තිස්සේ මෙම කසිප්පු ජාවාරම ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගිය බව පොලිසිය විසින් හෙළි කරගෙන ඇත.

මෙහිදී ගෝඩා මිලිලීටර් ලක්ෂ 8ක් පමණ සහ ස්ප්‍රීතු මිලිලීටර් 15,000ක් අඩංගු බෝතල් තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම කෑන්, බැරල්, දඟර ඇතුළු උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන තිබේ. මෙම ජාවාරමේ වගකීම අදාළ දේශපාලකයාගේ බිරිඳ විසින් භාරගෙන ඇති බව සඳහන් වේ.

ණය ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්!

ණය ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්!

පොලිස් ඇප මත නිදහස් කළ සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ReeCha