පොලිස් සැරයන්වරයෙක්ට වැඩ වරදී

Sri Lanka Police Court of Appeal of Sri Lanka Sinhala news
By Dilasha Apr 01, 2025 08:10 AM GMT
Dilasha

Dilasha

Report

දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටී මඟියෙකුගෙන් රුපියල් 21540ක මුදලක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් එම පොලිසියේ සැරයන්වරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට මොරවක වැඩබලන මහෙස්ත්‍රාත් අජිත් අබේසේකර නියෝග කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම සැකකාර පොලිස් සැරයන්වරයා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙසට මෙහිදී නියෝග කොට තිබේ.

රාත්‍රි ජංගම සංචාරයේ යෙදී සිටියදී දෙනියාය බස් නැවතුම් පොළේ රැඳී සිටී පුද්ගලයකුගෙන් ප්‍රශ්න කර පරීක්ෂාවට ලක්කර ඇති අතර එම පරීක්ෂාවෙන් පසු එම මගියාගේ කමීස සාක්කුවේ තිබූ මුදල් නොමැති බවට දැන ගැනීමත් සමඟ එම පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පොලිස් සැරයන්වරයා ගෙන්වා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 21540ක මුදලක් සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරික්ෂණ සිදු කරන බවට පොලිසිය සඳහන් කර සිටි. 


භූ කම්පන ගැන භූ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

භූ කම්පන ගැන භූ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


ළඟදීම ප්‍රබල භූ කම්පනයක්...රික්ටර් පරිමාන 9ට වැඩිලු...

ළඟදීම ප්‍රබල භූ කම්පනයක්...රික්ටර් පරිමාන 9ට වැඩිලු...

ReeCha