දෙනෝදාහක් මැද පොලිස් නිලධාරියකුගේ ගෙල මිරිකයි
By Dhananjaya
කොල්ලුපිටිය පොලීසියට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු ගෝල්ෆේස් වටරවුම ආසන්නයේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී එම පොලිස් නිලධාරියාගේ ගෙළ සිරකළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දේවාලපොළ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
පොලිස් නිලධාරියාගේ පසුපසින් පැමිණි සැකකරු විසින් නිලධාරියාගේ ගෙළවටා සිය අත දමා ඔහුගේ ගෙළ තදකර ඇති බව අනාවරණය වී තිබේන අතර පසුව එම ස්ථානයේ සිටි පිරිස එකතුවී සැකකරුගේ ග්‍රහණයෙන් පොලිස් නිලධාරියාව බේරාගැනීමට සමත්ව ඇත.
කොල්ලුපිටිය පොලීසිය ප්‍රකාශ කරේ සැකකරු යම් මානසික ආබාධයකින් පෙළෙන්නේද යන්න සෙවීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.