ගුවන් යානයක් හදිසියේම ගොඩ බස්වයි - මගීන් 190ක් එහි සිට ඇත..

By krishani Jan 23, 2023 06:37 AM GMT
Report

බෝම්බ බියක් හේතුවෙන් ඇතැන්ස් ගුවන් තොටුපොළට ගොඩබැස් වූ "රයන් එයාර්" ගුවන් යානයේ තිබි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බව බ්‍රසීල ගුවන් බලධාරීන් පවසයි.

ඒ පෝලන්තයේ සිට පැමිණි මෙම ගුවන් යානයේ බෝම්බයක් පවතින බවට ලද නිර්නාමික පණිවුඩයක් හේතුවෙන් ය.

ගුවන් යානය ඇතැන්ස් ගුවන් තොටුපොළේ හුදකලා ස්ථානයකට ගොස්බස් වනු ලැබූ අතර ආරක්ෂක අංශ මැදිහත්ව යානයේ පරීක්ෂාවක් සිදුකර ඇත.

එහි තිබි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති අතර එම අවස්ථාවේ යානයේ මගීන් 190 දෙනෙකු පමණ සිට ඇත.

අදාළ අසත්‍ය තොරතුර සම්බන්ධයෙන් පෝලන්තය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join