ගුවන් යානයක් කඩා වැටෙයි.

By krishani Jul 26, 2023 10:04 AM GMT
Report

ග්‍රීසියේ දූපතක ඇති වූ ලැව් ගින්නක් නිවා දැමීමට ගමන් කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම අනතුරින් එහි ගමන් කළ නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස ගුවන් යානය එකවරම කඩා වැටී ඇත්තේ එම දූපතේ එක් කොටසක ගින්න නිවීමට ජලය සපයමින් සිටිය දී ය.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය කියා සිටියේ යුරෝපයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සිසිලි, ඇල්ජීරියාව සහ ටියුනීසියාව වැනි රටවල්වල ද ලැව්ගිනි ව්‍යාප්ත වෙමින් පවතින බවයි.