බිහිසුනු ගුවන් අනතුරකින් සිව්දෙනෙකුට දිවි අහිමි වේ..(VIDEO)
By Piyumika
අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.
විදෙස් වාර්තා සඳහන් කරනුයේ අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි .
ඔක්ලහෝමා නගරයේ පිහිටි සන්ඩාන්ස් ගුවන් තොටුපලින් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් ඇතුළත මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණක් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය ආරම්භ කර ඇති බවත් සඳහන් වේ.