චරිත්ගෙන් සහ ධනංජයගෙන් පෙත්සමක්?

Report

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිඛෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා විසින් අභියාවනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිඛෙනවා.

මෙම පෙත්සම අද කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වනදා කැඳවන ලෙස නියම කරනු ලැබුවා.  

හෙලිදරව්වකට සුදානම් වන ලහිරු? මොකද්ද මේ කතාව

හෙලිදරව්වකට සුදානම් වන ලහිරු? මොකද්ද මේ කතාව

කිරිපිටි මිල යළිත් ඉහළට

කිරිපිටි මිල යළිත් ඉහළට