ලොකු පැටීගේ අයිස් ජාවාරම් සාමාජිකයෙක් රු. ලක්ෂ 84ක් වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට..

By Piyumika Aug 01, 2024 08:20 AM GMT
Report

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අහුංගල්ලේ ලොකු පැටීගේ අයිස් ජාවාරම් සාමාජිකයෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

ඇප මත සිටින ඩයනා ගමගේ අද විත්ති කූඩුවේ පෙනී සිටිමින් පැවසූ දේ..

ඇප මත සිටින ඩයනා ගමගේ අද විත්ති කූඩුවේ පෙනී සිටිමින් පැවසූ දේ..

මෙම සැකකරුව අහුංගල්ල පොලිස් වසමේ ඌරගහ මාර්ගයේ පතිරාජගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 42යි මිලිගෑම් 520ක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත .

ඌරගහ මාර්ගයේ වේල්ලලකන්ද ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ යුක්තිය මෙහෙයුම යටතේ යොදවා සිටි ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අංක 25 නිලධාරින් කණ්ඩායමට මෙම සැකකරු පා ගමනින් යමින් සිටියදී සැක සිතී පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව තිබී මෙම මත්ද්‍රව්‍ය හමුවී තිබේ .

මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO)

මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO)

මෙහි වටිනාකම රු. ලක්ෂ 84ක් පමණ වන බවත් වාර්තා වේ.

මෙම සැකකරු අහුංගල්ලේ ලොකු පැටීගේ ගෝලයෙකු වන ඩුබායි සැඟව සිටින වැලිපැන්නේ දමිත් යන අයගේ අයිස් ජාවාරම සිදු කරන අයෙක් බවත් සොයා ගෙන ඇත.

වැඩිදුර විමර්ශනයෙන් පසුව සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.