ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරුපැදියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Report

ගාල්ල, බටපොල ප්‍රදේශයේදී නිවසක් තුළ සඟවා තිබූ ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරුපැදියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම යතුරුපැදිය 2024 වසරේදී කරන්දෙණිය පොලිස් වසමේ සිදු වූ සොරකමකට ලක්වූ යතුරුපැදියක් බවයි.

තවද, සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයින් කිහිප දෙනෙකු සමඟ සමීප සබඳතා පවත්වාගෙන ඇති බවත් හෙළි වී ඇත.

මෙම යතුරුපැදිය භාවිතයෙන් අපරාධ සිදු කර තිබේද යන්න ඇතුළුව වැඩිදුර විමර්ශන ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් දැනටමත් ආරම්භ කර ඇත.

ඉන්දියාවේ ගුවන් ගිලන් රථයක් කඩා වැටීමෙන් 7ක් මරුට

ඉන්දියාවේ ගුවන් ගිලන් රථයක් කඩා වැටීමෙන් 7ක් මරුට