අම්මප යසයි වැඩේ..තනියම ගෙදර ඉදන් කරලා තියන දේ බලන්නකෝ..

By Piyumika Feb 10, 2025 05:25 AM GMT
Report

රජයේ අරක්කුවලට සමාන අරක්කු නිෂ්පාදනය කළ සැකකරුවෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රට හදන්න කතාව..අහිංසකයන්ගේ සල්ලි හූරන් කාපු විදිහ මෙන්න...

රට හදන්න කතාව..අහිංසකයන්ගේ සල්ලි හූරන් කාපු විදිහ මෙන්න...

බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත බණ්ඩාරවෙල පොලිස් වසමේ වරකාරොදවත්ත ප්‍රදේශයේ දී ඊයේ (09) සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම වැටලීමේ දී රජයේ අරක්කුවලට සමාන අරක්කු ලීටර් 68ක්, එම අරක්කු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලද ස්ප්‍රීතු ලීටර් 350ක් සහ බලපත්‍ර නොමැතිව තබාගෙන සිටි රජයේ අරක්කු ලීටර් 17 මිලි ලීටර් 250ක් ද මෙහිදී සොයාගෙන තිබෙනවා.

හිටපු අගමැති වෙනුවෙන් විරෝධතාවක්...

හිටපු අගමැති වෙනුවෙන් විරෝධතාවක්...

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක වැලිමඩ පාර බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

You may like this video