පුද්ගලයෙකු මහවැලි ගඟට පනී .
By Madheeha_Naz
කටුගස්තොට දොඩම්වල ප්‍රදේශයේ දැල් පාලම මතින් පුද්ගලයෙකු මහවැලි ගඟට පැන අතුරුදන්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.
මෙලෙස දියේ ගිලි අතරුදන් වී ඇත්තේ 68 හැවිරිදි හල්ඔලුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
ඊයේ දහවල් පුද්ගලයෙකු මෙලෙස ගඟට පැන ඇති බවට කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා .
අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර තවමත් ඔහුව සොයාගැනීමට නොහැකි වූ බවත් පොලීසිය පවසා තිබෙනවා.
එසේම නාවික හමුදා කිමිදුම්කරුවන්ගේද සහාය ඇතිව කටුගස්තොට පොලීසිය තවදුරටත් අතුරුදහන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |